2024 දෙවන අන්තර් මෝසම් අනාවැකිය.
ගිම්හාන මෝසම් (Summer Monsoon නිරිතදිග මෝසම) වැසිවල අවසානය සමගින් ආරම්භ වන්නේ දෙවැනි අන්තර් මෝසමයි. සාමාන්‍ය දේශගුණික දත්ත අනුව ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස ද්විත්වය මෙම කාලයට ගැනෙන අතර දිවයිනේ මුළු වර්ෂාපතනයෙන් 30%ක ප්‍රමාණයක් ලැබීමත් අනෙකුත් ඍතුවලට සාපේක්ෂව සමස්තයක් වශයෙන් වැසි දිවයින පුරා ව්‍යාප්තව පැවතීමත් නිසා සුවිශේෂී කාලයක් වෙනව.
අන්තර් මෝසම යනු දිවයින හරහා ප්‍රමුඛ වන සුළං රටාවක් නොපැවතීම නිසාවෙන් ඇතිවන තත්ත්වයක් බැවින් එම කාලයේදී මෝසම් සුළං පවතින කාලයේ ලෙසින් සුළං නොපවතින අතර දිවයිනේ සුළං රටාව ප්‍රධාන වශයෙන් හසුරවනු ලබන්නෙ මුහුදු සුළං සහ ගොඩ සුලං විසිනි.
දිවයින ආශ්‍රිතව නිශ්චිත සුළං රටාවක් නොපවතින හෙයින් වැසි නිර්මාණය වීම ප්‍රධාන වශයෙන් සිදු වනුයේ සංවහනය හේතුවෙනි. මේ නිසා හවස හෝ රාත්‍රී කාලයේ දිවයින පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීම සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. දිවයින හරහා ස්ථාපිත වන අන්තර් නිවර්තන අභිසාරී කලාපය (Inter Tropical Convergence Zone - ITCZ) වගේම බෙංගාල බොක්කේ නිර්මාණය වන අඩුපීඩන කලාප, පීඩන අවපාත සහ සුළිකුණාටු වැනි පද්ධති නිසා දින කිහිපයක් තුළ වඩාත් තීව්‍ර වැසි ලැබීම් ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල සුලබ ලක්ෂණයක්.
02 රූපය : බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 7-15ත් නැගෙනහිර දේශාංශ 80-90ත් අතර, 1891-2022 දක්වා වසරේ විවිධ මාසවලදී නිර්මාණය වී ඇති පීඩන අවපාත, සුළිකුණාටු සහ චණ්ඩ සුළිකුණාටු ගණන.සෑම රටකම, එම රටවලට ආවේනික ඍතු, සමස්තයක් වශයෙන් යම් නිශ්චිත ස්වභාවයක් ගනු ලැබුවත් එක් වසරකට සාපේක්ෂව තවත් වසරක හඳුනාගත හැකි වෙනස්කම්ද බොහොමයක් වෙයි. මෙම වෙනස්කම් කලින් හඳුනා ගැනීමට ඍතු අනාවැකි උදව් වෙයි.
ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික තත්ත්වයන් කෙරෙහි බලපෑම් ඇති කරනු ලබන ප්‍රමුඛ සංසිද්ධීන් දෙකක් ලෙස එල් නීනියෝ දක්ෂිණ දෝලනය ( El Niño–Southern Oscillation - ENSO) සහ ඉන්දියන් සාගර ඩයිපොලය (Indian Ocean Dipole - IOD) දැක්විය හැකියි. මේවායේ හැසිරීම මත දිවයිනේ දේශගුණික තත්ත්වයන් විවිධ කාලවලදී අදාළ තත්ත්වයන්ට අනුරූපව වෙනස් වන අතර ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී ENSO සහ IOD මගින් ලංකාවේ වැසි සහ උෂ්ණත්වය කෙරෙහි වඩාත් වැඩි බලපෑමක් ඇතිවී තිබෙන බව පසුගිය දත්ත මගින් නිරීක්ෂණය වී තිබේ. පර්යේෂණ අනුව එල් නීනියෝ මගින් ඔක්තෝම්බර් නොවැම්බර් වැසි වැඩි කිරීමත් ලා-නීනියා මගින් වැසි අඩු කිරීමත් දත්ත අනුව පෙන්වා දී ඇත. (මාසිකව ලංකාවේ දේශගුණික ස්වභාවය ENSO හේතුවෙන් වෙනස් වන ආකාරය දැන ගැනීමට මෙම සබැඳියෙන් ලිපිය කියවන්න.)
ඔක්තෝම්බර් සහ නොවැම්බර් කාලය වසරේ වෙනත් කාලයන් හා සංසන්දනය කිරීමේදී සැලකිය යුතු මට්ටමක ගංවතුර අවදානමක් සහිත කාලයක්. ENSO හි එක් එක් මුහුණුවර (phase) අනුව කැළණි ගඟ ආශ්‍රිතව පැවති ගංවතුර අවස්තාවන් 03 රූපයේ දැක්වෙයි. ඒ අනුව බලනකල පැවති ගංවතුර අවස්ථාවන් අතරින් වඩාත් වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ENSO නිෂ්ක්‍රීය අවස්ථාවේදී බව පෙනේ.
ENSO සහ IOD අලුත්ම අනාවැකි මොනවද?
ලෝකයේ කාලගුණ සහ දේශගුණ තොරතුරු සපයන ප්‍රමුඛ පෙලේ ආයතන හතක් වන, ඕස්ට්‍රේලියාවේ BOM, කැනඩාවේ CanSIPS, යුරෝපයේ ECMWF, ජපානයේ JMA, ප්‍රංශයේ METEO, ඇමෙරිකා එක්සත් ජනපදයේ NOAA සහ එංගලන්තයේ UKMO ආයතන මගින් පහතින් දැක්වෙන ENSO අනාවැකි වෙන වෙනම ගණනය කර ඇත.
04 රූපය : ඔක්තෝම්බර් 01 දින BOM ආයතනය විසින්, ඔක්තෝම්බර් මාසය සඳහා නිකුත්කරන ලද ENSO අනාවැකිය.අනාවැකි:
මෙවර දෙවන අන්තර් මෝසම කෙරෙහි ගෝලීය සහ කලාපීය බලපෑම් ඇතිකළ හැකි ENSO සහ IOD යන සංසිද්ධීන් ද්විත්වයම අවම ක්‍රියාකාරිත්වයක් යටතේ ලා-නීනියා දෙසට හෝ නිෂ්ක්‍රීය ස්වභාවයක් හෝ ගනු ඇති බව ගෝලීය අනාවැකි දක්වයි. ඒ අනුව දල වශයෙන් දෙවැනි අන්තර් මෝසම් වැසි සාමාන්‍ය වසරක ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී ලැබෙන අයුරින්ම හෝ යම් තරමක අඩුවක් සමගින් 2024 දෙවන අන්තර් මෝසම් වැසි ලැබෙනු ඇති බව සිතිය හැකියි.
08 රූපය : කා.වි.දෙ. විසින් ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස සඳහා නිකුත් කරනලද වැසි අනාවැකිය.දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව, ඔක්තෝම්බර් නොවැම්බර් මාසවල වැසි සාමාන්‍ය මට්ටමේ පැවතිය හැකි බවත් උෂ්ණත්වය සාමාන්‍ය වසරක පැවතිය හැකි මට්ටමට වඩා වැඩිවිය හැකි බවත් සඳහන් කරයි.
කාලගුණ හෝ දේශගුණ අනාවැකි යනු වායුගෝලයේ හැසිරීම කලින් හඳුනාගෙන එහි පරාමිතීන් විචලනය වන ආකාරය පුරෝකථනය කිරීමයි. මේ සඳහා වායුගෝලයේ ගතික ස්වභාවය අධ්‍යයනය කළයුතුයි. ගතික වායුගෝලයේ සිදුවන වෙනස්කම් භෞතික විද්‍යා සහ ගණිත නියමයන් ඇසුරින් ගණනය කර එදිනෙදා අනාවැකි සාදයි. කෙසේ වෙතත් වායුගෝලයේ පවතින නෛසර්ගික ව්‍යාකුලත්වය (Intrinsic chaotic behavior of the atmosphere) හේතුවෙන් අනාවැකියකට පවතින කාලය දීර්ඝ වීමට සාපේක්ෂව ඒ සඳහා සිදුකරන ගණනය කිරීම්වල දෝෂ සහගතබව අතිශය ඉහළ යාමේ හැකියාවක් පවතී. ඒ අනුව දේශගුණ/ඍතු අනාවැකි සැකසීම සඳහා භෞතික විද්‍යා නියම සුළු වශයෙනුත් සංඛ්‍යානය ප්‍රමුඛ වශයෙනුත් යොදා ගනිමින් සම්භාවිතාත්මක අනාවැකි සැකසීම සිදු කරයි.
අනාවැකිවල සීමාවන්.
ඍතු/මාස අනාවැකි සැකසීමේදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ ගෝලීය සහ කලාපීය වශයෙන් සිදුවිය හැකි, ඍතුවකට සාපේක්ෂව දීර්ඝ කාලාවර්තයක් (Period) සහිත, ENSO සහ IOD වැනි සංසිද්ධීන්ගේ විචලනයට අනුරූපව දේශගුණයේ සිදුවිය හැකි වෙනස්කම් පුරෝකථනය කිරීමයි. නමුත් මෙම සංසිද්ධීන්ට අමතරව කෙටි කාලීනව වායුගෝලය විචලනය කරනුලබන සංසිද්ධීන් විශාල ප්‍රමාණයක් පවතී. මැඩන් ජුලියන් දෝලනය (Madden Julian Oscillation - MJO), ITCZ සහ සුළි කුණාටු ඒ අතරින් කිහිපයක්.
මෙම කෙටි කාලීන වායුගෝලීය සංසිද්ධින්ගේ පැනනැගීම හේතුවෙන් ඇතැම් විට යම් ප්‍රදේශයක සාමාන්‍ය මාසික වර්ෂාපතනය එක් දිනක් තුළ ලැබිය හැකියි. එනම් ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාසවල ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයන් සඳහා මුලික වශයෙන්ම මෙම කෙටි කාලීන තත්ත්වයන් බලපා ඇති බව සිතිය හැකියි. ඒ අනුව ENSO හා IOD නිෂ්ක්‍රීය මට්ටමේ පැවතිය හැකි 2024 දෙවන අන්තර් මෝසමේ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පසුගිය දත්ත අනුව පෙනේ.
ආසන්න වශයෙන් පැය (0-6) දක්වා කාලගුණික පරමිතීන්ගේ ස්වභාවය දැක්වෙන අනාවැකි Nowcasting ලෙසද; පැය 6 සිට දින 3 පමණ කාලය ආවරණය කරන අනාවැකි කෙටි කාලීන අනාවැකි(Short-range Forecasting) ලෙසද; දින 03-10 ක කාලය තුල පැවතිය හැකි තත්ත්වය ගැන මාධ්‍ය-කාලීන අනාවැකි (Medium-range Forecasting) ද; දින (10-30) දක්වා Extended-Range අනාවැකිද; මාස 01 සිට වසරක් දක්වා ඍතු අනාවැකි (Seasonal Forecasting) ද; වසර 01-10 දක්වා දශක අනාවැකි (Decadal Forecasting) ද; වසර 10 සිට 100කට වැඩි කාලයක් සඳහා දේශගුණ ප්‍රක්ෂේපණ (Climate Projections) ලෙසද හඳුන්වයි.
ඍතු හෝ මාසික අනාවැකි මත පදනම්ව සැලසුම් සකස් කිරීමේදී අනාවැකි යාවත්කාලීන වන ස්වභාවය සහ නවතම අනාවැකි කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඍතු අනාවැකියක් අනුව සකසන ලද සැලසුම්, දිගු කාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන අනාවැකි අනුව අවශ්‍ය අයුරින් වෙනස්කම් සහිතව ක්‍රියාත්මක කිරීම මගින් වඩා හොඳ ප්‍රථිපල අත්කරගත හැකියි.
01. ENSO forecasts - www.bom.gov.au
02. කොළඹ ජලගැලීම් මට්ටම් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව.
03. වර්ෂාපතන දත්ත - කා.වි.දෙ.
04. සුළිකුණාටු දත්ත - ඉන්දීය කාලගුණවිද්‍යා ආයතනය.
මලිත් ප්‍රනාන්දු
කාලගුණ විද්‍යාඥ
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය
කොළඹ.
rmpfernando@gmail.com
0 Comments